විජයිඳු සපැමිණි ලකඟන සනහන තම්බපන්නි උරුමේ
සිඳු දිය තල වැල් දණ මන ප්රමුදිත සලා දිමුතු අගනා
සිරිලක පෝෂිත නෙරළු තීරයේ දැදුරු නදී ගලනා
බොදු දන සිසු කැල නැණ සර කලතන ජගත් ලොවක රඟනා
කිරිමැටියානේ බෞද්ධ විදුහල් බාලිකාව වන්දේ //
ඉගැනුම් නිමැවුම් සිසු හද විකසිතදැනුම් දියෙන් දොවනා
ශිල්ප කලාවන් දෑතට හුරු කර නිපුන සිසුන් තනනා
උදාර සිතුවිලි හැදුණු වැඩුණ කම් පියෙන් පියට නංවා
බොදු දම් මුණි ගුණ තුන් සිත වඩවන
විදු මව් වොරැඳේවා
කිරිමැටියානේ බෞද්ධ විදුහල් බාලිකාව වන්දේ //
Governing Body & Leadership